පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට අලුත්ම තනතුරක්..

Police spokesman Sri Lanka Police Roshan Ranasinghe Cricket Sri Lanka Cricket
By Aruna Jul 20, 2023 04:51 AM GMT
Report

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙන බව වාර්තා වනවා.

මේ අනුව වසර තුනක කාලයක් සඳහා අමාත්‍යවරයා අතින් පොලිස්පතිවරයා වෙත පත්වීම් ලිපිය අද ලබා දී තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, මෙම නව පත්වීම භාර ගැනීමෙන් පසු අල්ලස් දූෂණයෙන් ක්‍රීඩාව වැළැක්වීම සඳහා ක්‍රීඩා දූෂණ මර්දන ඒකකය ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ද පැවැති බවයි.