පොලිස්පති අධිකරණයට..!

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Sithumi Jun 01, 2022 08:30 AM GMT
Report

මැයි මස 09 වනදා ඇතිවූ සිද්ධීන්ට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

මේ අතර, පසුගිය මස 9 වන දා ඇති වූ සිද්ධියට අදාළව මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ රථයක් ඇතුළු තවත් වාහන සහ දේපළ වලට ගිනි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු 44 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඊයේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ විරෝධතාවලට පහරදීමේ සිද්ධියට අදාළව මේ දක්වා පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 6 දෙනා අද යළි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now