ලීසින් ක්‍රමයටත් පාපැදි - පා පැදි මිලදී ගැනීමට ජනතාව පෝලිම් ගැසේ..මිල ගණනුත් අහස උසට
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය මත ජනතාව ගමනාගමනය සඳහා විකල්ප ක්‍රම කරා වේගයෙන් යොමු වෙමින් සිටිති. ඇතැම් ප්‍රදේශවල කරත්ත වලින් ද සිය ප්‍රවාහන අවශ්‍යතා ජනතාව ඉටුකර ගනිමින් සිටිති.
පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යන් වෙනුවට පොදු ප්‍රවාහන සේවා සඳහා ජනතාව වැඩි වශයෙන් යොමු වෙමින් සිටිති. මේ අතර පාපැදි සඳහා ද අති විශාල ඉල්ලුමක් වෙළඳපොල තුළ නිර්මාණය වී තිබේ.
පාපැදි අමතර කොටස් මෙන්ම පාපැදි අලුත්වැඩියා කරන ස්ථාන අතිශය කාර්ය බහුල වී ඇත. ඇතැම් පාපැදි වෙළඳසැල්වල ජනතාව පෝලිමේ සිට පාපැදි ලබා ගැනීමට උත්සාහ දරන අයුරු ද දක්නට ලැබේ.
මේ දිනවල යතුරු පැදියක අවම මිල රුපියල් 50000ක් පමණ වෙයි. ඇතැම් ලීසිං සමාගම් විසින් මේ වන විට පාපැදි සදහා ලීසිං පහසුකම් ලබා දෙමින් සිටිති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |