"මම කවදාවත් මෙහෙම පහරවල්වලට මුහුණදීලා නෑ" ලෝකෙම කතාකරන ඔලිම්පික් බොක්සින් පිටියේ සිදුවුණු සිදුවීම. (PHOTOS)
මේ දිනවල ඔලිම්පික් ක්‍රීඩා පැරිස් නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භවී තිබෙනවා. මෙම ක්‍රීඩා අතරතුර බොක්සින් ක්‍රීඩාවේ සිදුවීමක් පිළිබදව මේවන විට විදෙස් මාධ්‍ය විශාල වශයෙන් අවදානය යොමුව තිබෙනවා.
මේ අදාල සිදුවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ ලිපියක්..
උපුටා ගැනීම
"මම කවදාවත් ඒ වගේ පහරවල් වලට මුහුණ දීලා නෑ. මේ සිදුවීම ඔලිම්පික් විනිසුරු මඩුල්ලට භාරයි" මෙහෙම කියන්නේ ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනි.
ඇයට ඔලිම්පික් පිටියේ මුහුණ දෙන්න වුණේ ඉතාම අවාසනාවන්ත සිදුවීමකට. ඇයගේ ප්‍රතිවාදියා වුණේ ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ්.
ඉමානේ කියන්නේ Biological පිරිමි කෙනෙක්. ඒ විදිහේ අයෙක් ගැහැනු පාර්ශවය නියෝජනය කරමින් තරග වදින්නේ කොහොමද කියලා දැනටමත් මුළු ලෝකෙම කතා කරන්න පටන් අරන් ඉවරයි. ගැහැණු කෙනෙක් වුණත් Biological පිරිමි කෙනෙක් වීම නිසා ශක්තිය ගත්තම සම්පූර්ණයෙන්ම වෙනස්.
එහෙම කෙනෙක්ට කාන්තාවකට පහර දීම ඉතාම පහසු ක්‍රියාවක්.
ඉමානේ හමුවේ ඇන්ජෙලා ට සටන් කරන්න පුළුවන් වුණේ තත්ත්පර 46 ක් විතරයි. මේ වගේ අය ක්‍රීඩා පිටියට එන එකෙන් වෙන්නේ විශාල අසාධාරණයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.