ව්‍යාපාර සැලැස්මක් ලිඛිතව තබා ගැනීම අවශ්‍ය ඇයි?
දියුණු වෙන්න..සාර්ථක වෙන්න හීන මවන ඔබට වැදගත් කරුණු ටිකක් ගැනයි මේ කියන්න යන්නේ. මේ දවස් වල නම් ඒ හීනෙට යන්න ටිකක් අපහසු වුණත්අනාගතේ දවසක ඒ හීනේ සැබෑ කරගන්න නම් ඔබට හොඳ සැලසුමක් තියෙන්නේ ඕන. අනාගතේ කිවුවට ඒක වැඩි ඈතක නම් නෙවෙයි. ව්‍යාපාරයක් කරලා ජීවිතේ ගොඩදාගන්න දඟලන ඔබට අනිවාර්යයෙන්ම තිබිය යුතුම සැලැස්මක් තමයි "ව්‍යාපාර සැලසුමක්" කියන්නේ.
හරියටම කියනවා නම්, ව්‍යාපාරයක දැක්ම, මෙහෙවර, ඉලක්ක, පරමාර්ථ, උපාය මාර්ග, ක්‍රියාකාරී සැලසුම්, පරිසරය, අලෙවිකරණ උපාය මාර්ග සමඟ මූල්‍යමය පුරෝථකන විස්තර කරන සහ පවතින හෝ නව ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මැති පාර්ශවයන්ට හෝ මූල්‍ය සපයන්නන්ට ව්‍යාපාරයේ අනාගත වැඩ පිළිවෙල පිළිබඳව ඉදිරිපත් කරන ලියවිල්ලක්. ඉතින් මේ කියන්න යන්නේ ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීමේන් ඔබට ලැබෙන වාසි සහ එහි වැදගත්කම ගැනයි. ඔබ මතක තියාගත යුතුම කරණ නම්, සමස්ථ ව්‍යාපාරයේම වැදගත්ම ලියවිල්ල ව්‍යාපාර සැලැස්මයි.
ව්‍යාපාර සැලැස්මක් නොමැතිව ව්‍යාපාරයේ ඉලක්ක හා පරමාර්ථ ළඟා කරගන්න බැහැ.එය අත්‍යවශ්‍යයි. ඒ නිසා සැලැස්මක් නොමැතිව ව්‍යාපාර කිරීම ඥානාන්විත නැහැ.
ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීමේ වැදගත්කම
?- තොරතුරු සහිත වීම නිසා වඩා නිවැරදි තීරණ ගැනීමට හැකිවීම.
?- අනාගතයේ දී ඇතිවිය හැකි ගැටලු හඳුනා ගෙන විකල්ප විසඳුම් කල්තියා තීරණය කළ හැකිවීම.
?- ව්‍යාපාරය යා යුතු මඟ නිවැරදිව හඳුනාගත හැකිවිම.
?- ව්‍යාපාරිකයාගේ ව්‍යවසායකත්ව ජීවිතය එනම්, ඔහුට ශක්තියක් ඇති බව දැක්මක් ඇති බව, ඉලක්කයක් ඇති බව, සැලැස්මෙන් තහවුරු කරයි.
?- සම්පත් කාර්යක්ෂමව හා සඵලදායීව භාවිත කළ හැකිවිම.
?- ව්‍යාපාරයක් අද සිටින තැන සිට අනාගතයේ යා යුතුවූ ඉම දක්වා වූ සියලුම කටයුතු මෙහි ඇතුළත්.
?- අනාගත දැක්ම හා කෙලවර ලිඛිතව ඉදිරිපත් කිරීම නිසා ඒ ඔස්සේ හඹා යාමට උනන්දුව ඇති කිරීම.
?- ව්‍යාපාරයේ ඉලක්ක, ගමන් මඟ, කාර්යයන් සෙසු සාමාජිකයින්ට සන්නිවේදනය කිරිමට උදව් වීම.
?- එමෙන්ම ව්‍යාපාරයට අවශය අරමුදල් ආකර්ෂණය කර ගැනීමට ව්‍යාපාර සැලැස්ම අත්‍යවශ්‍යයයි.
?- ව්‍යාපාර පිලිබඳ ඇති විශ්වාසය හා අවබෝධය වර්ධනය විම.
?- ආයෝජකයන් වෙත ඉදිරිපත් කිරීමට, අලුතින් බඳවා ගන්නා විධායක නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට වැදගත් වීම.
ව්‍යාපාර සැලැස්මක් ලිඛිතව තබා ගන්නේ ඇයි?
?- නිවැරදිව ව්‍යාපාරය පිළිබඳ තොරතුරු සැපයීමට
?- වැඩ ක්‍රමානුකූලව සංවිධානය සඳහා (සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය)
?- අවශය අයට අවශ්‍ය වූ විටක ප්‍රදර්ශනය කිරිම සඳහා
?- අන් අය ආකර්ෂණය කර ගැනීම සඳහා
?- හොඳ තීරණ ගැනීම සඳහා
?- සැලසුම්වලට අනුව සුදානම් වීම සඳහා
?- නියාමනය පහසු කරගැනීම සඳහා
?- බාහිර පාර්ශවයන්ගෙන් සහය ලබා ගැනීම සඳහා
?- අනාගතය පිළිබඳ දිගු කාලයක් සඳහා ඉලක්ක තබා ගැනීමට
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |