ආසන පටි නීතියට බස් සංගම් වලින් බ්‍රේක් එකක්
Gemunu Wijeratne
Srilanka Bus
Sinhala news
SriLanka News - Gagana
By Shehan
බස්රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන්නැයි, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
පැරණි බස් රථවල ආසන පටි නොමැති බැවින් ඒවා සවි කර ගැනීමට කාලයක් අත්‍යාවශ්‍ය බවයි එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.
ජාතික ගමනාගමන කොමිෂන සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මෙම තීරණය අනිද්දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ එම නීතිය ක්‍රියාත්මක විය යුතු වුවද ඊට මැදිහත් වීමට ජාතික ගමනාගමන කොමිසමට බලයක් නොමැති බවයි.