ඩීසල් මිල දෙපාරක් අඩුවුවත් බස් ගාස්තු හෙල්ලෙන්නේ නැති හේතුව.
Fuel Price In Sri Lanka
Srilanka Bus
By Wayomi
මාස දෙකකදී ඩීසල් මිල රුපියල් 46කින් පහළ දැමුවද ඊට සාපේක්‍ෂව බස් රථ සහ පාසල් වෑන් රථ ගාස්තු පහළ දැමීමට කටයුතු නොකිරීම ගැන මගී ජනතාව දැඩි විරෝධය පළ කර කරනු ලබනවා.
ඔවුන් චෝදනා කරන්නේ, බස් සංගම්වලට සහ පාසල් බස් රථ සංගම්වලට අවශ්‍ය ආකාරයට බස් රථ, පාසල් වෑන් රථ, ගාස්තු ඉහළ පහළ දැමීමට ඉඩ හැරීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් මස 30 වැනිදා ඩීසල් මිල රුපියල් 30කින් පහළ ගිය අතර මැයි මස 31 වැනිදා නැවත ඩීසල් මිල රුපියල් 16කින් පහළ ගොස් තිබුනා.