ප්‍රදේශයක බස් රථ වර්ජනය කරයි..!
බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේදී පෞද්ගලික බස් රථ රියදුරකුට සහ කොන්දොස්තරවරයකුට පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් බදුල්ල - කොළඹ පෞද්ගලික බස් රථ අද (28) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක බව කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළේ ප්‍රකාශකයෙක් පැවසීය.
සතියේ දිනකදී සාමාන්‍යයෙන් බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළෙන් විනාඩි 45 කට වරක් බදුල්ල දක්වා බස් රථයක් පිටත්ව යන බවත් අද දිනයේ වැලිමඩ බස් රථයක් ඇතුළු බස් රථ දෙකක් පමණක් පිටත්ව ගිය බවත් එම ප්‍රකාශකයා කීය.
බදුල්ල - කොළඹ මාර්ගයේ පෞද්ගලික බස් රථ 70 ක් පමණ ධාවනය කරන බව කී එම ප්‍රකාශකයා එම සියලුම බස් රථ වර්ජනයට සහභාගි වී සිටින බව ද සඳහන් කළේය.
ලංකා ගමනා ගමන මණ්ඩලයට සම්බන්ධ යැයි කියන සේවකයන් පිරිසක් පෞද්ගලික බස් රථ රියදුරකුට සහ කොන්දොස්තරවරකුට පහර දුන් බවත් පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා තෙක් වර්ජනයේ යෙදෙන බවත් බදුල්ල - කොළඹ බස් රථ සේවකයන් පවසන බවත් දැනගන්නට තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |