සුපිරි බස් රථයක් හදිසියේ ගිණිගනියි..අද උදෑසන කිසිවෙකු නොසිතූ සිදු වීම මෙන්න.(VIDEO)

Accident
By Aruna Apr 03, 2024 04:14 AM GMT
Report

අද උදෑසන මට්ටක්කුලිය මාර්ගයේ මෝදර දෙසට ගමන් කරමින් සිටි විශේෂ චාරිකා සදහා ගමන් යන බස්රථයක් අළුත් මාවත හන්දිය ආසන්නයේදී ගිණිගෙන විනාශවී තිබෙනවා.

මෙම බස් රථය වන්දනා ගමනක් සදහා පිරිසක් රැගෙන ඒමට මෝදර දෙසට ගමන් කර ඇති බවත්, අතරමඟ බස් රථය නවතා රියදුරු සහ සහයකයා තේ පානය සදහා ගිය අවස්ථාවේ බස් රථය ගිණිගැනීමට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් යම් පුද්ගලයෙක් විසින් අදාල බස් රථයට ගිනි තබන්නට ඇති බවට ද පොලීසිය සැක පල කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.