වැඩි කළ, නව බස් ගාස්තුව අද සිට වැඩි වන්නේ මෙහෙමයි..
ඉන්ධන මිල ඉහළ දැමීම නිසා 19.5%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවුණු බස් ගාස්තු සංශෝධනය අද(25) සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 32 දක්වා ඉහළ නැංවුණු අතර,රුපියල් 2,022 ක් ලෙස පැවති සාමාන්‍ය සේවා උපරිම බස් ගාස්තුව රුපියල් 2,417 ක් දක්වා ඉහළ යනු ඇත.
ජාතික ගමනාගමන කොමිසන් සභාව සඳහන් කළේ අධිවේගී මාර්ග, අධිසුඛෝපභෝගී බස් රථ ගාස්තු ද ඉහළ නංවා ඇති බවයි.
ඒ අනුව කොළඹ සිට මාතරට අධිවේගී මාර්ගයේ බස් ගාස්තුව රුපියල් 1,210 ක් වන අතර කඩවත සිට ගාල්ලට රුපියල් දහසක්, කොළඹ සිට ඇඹිලිපිටියට රුපියල් 1,680 ක් සහ කොළඹ සිට වීරකැටියට රුපියල් 1,550 ක් අය කෙරෙනු ඇත.
කොළඹ සිට මොණරාගලට අධිවේගී මාර්ගයේ ගමන් ගාස්තුව රුපියල් 2,420 ක් වන අතර,මාකුඹුර සිට අක්කරෙයිපත්තුවට අය කෙරෙන ගාස්තුව රුපියල් 3,100 කී.
අන්තර්පළාත් බස් රථ ගාස්තු සංශෝධනයට අනුව කොළඹ සිට මහනුවරට රුපියල් 457 ක් වන අතර කොළඹ සිට මාතරට රුපියල් 583 ක් සහ කොළඹ සිට ගාල්ලට රුපියල් 437 ක් අය කෙරෙනු ඇත.