ඉදිරි සති දෙක ඇතුළත අනිවාර්යයෙන්ම කරන්න යන දේ මෙන්න..විශාල පිරිසකට දැඩි බලපෑමක්..

Gemunu Wijeratne Private Bus Owners Association Srilanka Bus
By Aruna Feb 01, 2024 04:57 PM GMT
Report

ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන්, අනිවාර්යයෙන්ම සති දෙකක් ඇතුළත බස් ගාස්තු වැඩි කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අවධාරණය කර සිටිනවා.

මේ අනුව, ඔහු ප්‍රකාශ කළේ, අවම ගාස්තුව රුපියල් 35 ක් විය යුතු බවත්, එසේ වැඩි නොවුනහොත් අකමැත්තෙන් හෝ වෘත්තිය ක්‍රියාමාර්ගවලට යෑමට සිදුවන බවයි.

මේ අතර, ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පවසන්නේ ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බවයි.

බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීති සහ එකඟතාවයන් අනුව මේ අවස්ථාවේදී බස් ගාස්තු ඉහළ දැමිමට නොහැකි බව ද බස් ගාස්තු ඉහළ දැමීමට නම් එම සම්මුතීන්ට අනුව කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුර පෙන්වා දෙයි.

Sponsored By Sarrita Jewellery

ඉදිරි සති දෙක ඇතුළත අනිවාර්යයෙන්ම කරන්න යන දේ මෙන්න..විශාල පිරිසකට දැඩි බලපෑමක්.. | Bus Fare More