ත්‍රීරෝද රථ ගාස්තු යළි ඉහළ දමයි?.. බස් ගාස්තුත් වැඩි වෙයි?..

Fuel Price In Sri Lanka Sri Lanka Politician Sri Lanka Department of Motor Vehicles
By Aruna Oct 02, 2023 07:32 AM GMT
Report

ඉන්ධන මිල ඉහළ ගියද ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළ දැමීමක් සිදු නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසනවා.

ලලිත් ධර්මසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, නමුත් එය නිසි ක්‍රමවේදයකට අනුව නියාමනය කළ යුතු බවයි.

මේ අතර, ‍ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස්ගාස්තු ද ඉහළ දැමීමට රජය අවසර ලබා දිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අනුව, අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් බස්ගාස්තු ඉහළ දැමීම සිදුකළ යුතු බවයි, එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසුවේ.

ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ද ඉහළ දැමීමට පියවර ගැනීම මෙලෙස බස් ගාස්තුද ඉහළ දැමීමට හේතුවක් වන බවයි එම සංගමය පවසන්නේ.

මෙලෙස බස් ගාස්තු ද යළි ඉහළ දැමුවහොත් ඉන් මගී ජනතාව තවතවත් පීඩාවට පත්වේ.