ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරයි... නව මිල ගණන් මෙන්න..

Sri Lanka
By Aruna Jan 05, 2023 12:13 AM GMT
Report

අධිවේගි මාර්ගවල මගීන්ගෙන් අය කරන ගමන් ගාස්තුව ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් පහත දැමෙනවා.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ, මාකුඹුර - ගාල්ල අතර නව ගාස්තුව රුපියල් 930ක් බවයි.

මාකුඹුර - මාතර අතර ගාස්තුව රුපියල් 1170ක් දක්වා අඩු කර තිබෙනවා.

කඩුවෙල - මාතර අධිසුඛෝපභෝගී නව බස් ගාස්තුව රුපියල් 1260ක්.

අධිවේගී මාර්ගයේ කොළඹ - කතරගම අතර නව බස් ගාස්තුව රුපියල් 2270ක් බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ.

කොළඹ - මාතර අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තුව රුපියල් 1300ක්.

(සංශෝධිත බස් ගාස්තු පහතින්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery