බස් ගාස්තු අඩු වෙයි?..සංගමය ගත් තීරණය මෙන්න.

Sri Lanka Businessman
By Aruna Dec 06, 2022 05:05 AM GMT
Report

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුකිරීමට හැකියාවක් නොමැති බව බස් සංගම් පවසනවා.

සැලකිය යුතු මට්ටමේ ඩීසල් මිලෙහි අඩුවීමක් සිදුව නොමැති බැවින් බස් ගාස්තු අඩුකළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

“බස් ගාස්තු සංශෝධනය වෙනකොට ඩීසල් මිල තිබුණේ රුපියල් 430කට. ඊට පස්සේ රුපියල් 15ක් අඩු කළා. එහිදි 1.5 වෙනසක් ඇති වුණා. ඊට පස්සේ නැවත රුපියල් 15කින් වැඩිවෙලා තියෙනවා.

දැනට අපි භාවිතා කළේ ඩීසල් රුපියල් 430යි. ඒ වෙලාවේ කිසිදු ආකාරයක සංශෝධනයකට ගියේ නෑ. රුපියල් 10ක් නැවත වරක් අඩු කරලා තියෙනවා.

රුපියල් 420යි දැන් ලීටරය. නමුත් බස් ගාස්තුවට මෙය බලපාන්නේ නෑ. මොකද බලපෑමක් වෙන්නේ ප්‍රතිශතයක් විදියට 1.2 වගේ ප්‍රතිශතයක්. නමුත් බස් ගාස්තුවල ඉන්ධනවලට බලපෑමේ ප්‍රතිශතය 04%ක් සිදුවිය යුතුයි.

ඒ නිසා මේ අවස්ථාවේ රුපියල් 10ක් අඩුවීම තුළ කිසිදු බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නෑ.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now