බස් රථයක් තුළ කාන්තාවකගේ කොණ්ඩයක් කැපීම හේතුවෙන් මවුලවිවරයෙකුට සිදුවූ දේ..

By Sithumini Jul 14, 2024 12:20 PM GMT
Report


බස් රථයක් තුළදි තරුණියකගේ කොණ්ඩයක් කැපූ මවුලවිවරයෙකු පිළිබද පුවතක් මහනුවරින් වාර්තා වනවා.

ඒ අනුව බස් රථයක් තුළදී තරුණියකගේ කොණ්ඩයෙන් අඩියක පමණ කොටසක් කපා වෙන් කොට දැමූ මවුලවිවරයෙකු බව සඳහන් පුද්ගලයෙකු මහනුවර පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

තම අසුනට පසූපස අසුනේ වාඩිවී සිටි සැකකරු සිය වරලසේ අඩියක් පමණ කොටසක් කතුරකින් කපා දැමූ බවයි තරුණියක් පොලිසියට පවසා තිබුනේ ඇගේ වයස 26ක්.

කටුගස්තොට-වට්ටාරන්තැන්න මංසන්ධිය ආසන්නයේ දී තම කොණ්ඩය සැකකරු විසින් කපන අයුරු දැක ඇති තරුණිය කෑ ගසා බස් රථයේ සෙසු මගීන් ගේ සහාය ඉල්ලා තිබුණා.

එම අවස්ථාවේ කොන්දොස්තරවරයා සහ මගීන් කිහිපදෙනෙකු පැමිණ සැකකරු අල්ලාගෙන ඇති අතට පසුව සැකකරුව එම බස් රථයෙන්ම ගෙනැවිත් මහනුවර පොලීසියට භාරදී තිබුණා.