බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මක වීම ගැන විශේෂ දැනුම්දීමක්..!

Curfew train bus Sri Lanka Economic crisis
By Sewvandhi Apr 02, 2022 12:48 PM GMT
Report

අද අවසන් ගමන් වාරය දක්වා ලංගම බස් රථ ධාවනය වන බව ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම පවසනවා.

එමෙන්ම පෞද්ගලික බස් රාත්‍රී 7 පමණ වනතුරු ධාවනය කරන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

අද (02) රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය සේවය දැනුම් දෙනවා.

දුම්රිය සේවය දැනුම්දෙන්නේ අප්‍රේල් 4 වනදා පෙරවරු 6න් පසු නැවත දුම්රිය ධාවනය සාමාන්‍ය පරිසි ආරම්භ කරන බවයි.

කෙසේවෙතත් අද දිනට නියමිත දුම්රිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන බවද මෙයින් දැනුම් දෙනු ලබනවා.

එමෙන්ම, අද සවස 6 දක්වා පමණක් දුර ගමන් සහ කෙටි ගමන් බස් සේවා ක්‍රියාත්මක බවත්, සඳුදා උදෑසන 6න් පසු බස් සේවා නැවත ආරම්භ කරන බවත් ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now