30ක් රෝහලට යැවූ බස් රථ අනතුර.
Sri Lanka Police
Polonnaruwa
Hospitals in Sri Lanka
Accident
By Wayomi
වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී අද (30) උදෑසන පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළීමෙන් බස් රථයක් අනතුරට පත්ව තිබෙනවා.
පොලොන්නරුව සිට වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් වන අතර මෙම අනතුරෙන් 30 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇති අතර බස් රථය ගමන් ගන්නා විට එහි සේවකයින් 80කට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති බව සඳහන්.
රියැදුරුට අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වී මෙම අනතුර සිදුව ඇති අතර ඔහුව මේ වන විට අත්අඩංගුවට ගෙන් තිබෙනවා.