බස්රථයට බිලි වූ පාසල් දරුවා..

Sri Lanka Accident
By Sewvandhi Jun 11, 2022 11:34 AM GMT
Report

සාලියවැව ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ සවස මෙම අනතුර සිදුවී ඇති අතර මියගොස් ඇත්තේ ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේම පදිංචි 13 හැවිරිදි පිරිමි ළමයෙක්.

ඔහු සිය පාපැදියෙන් මාර්ගය හරහා ගමන් කිරීමේදී මෙම අනතුරට ලක්ව ඇතැයි සඳහන්. අනුරාධපුර දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ නතර කර මගීන් නංවා ගනිමින් සිටියදී එම බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ පාපැදිය නවතා තිබූ බසය පසුකර යාමට උත්සාහ කළ තවත් බස් රථයක ගැටී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පිරිමි දරුවා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි සඳහන්. ලංගම බස් රථ රියදුරාගේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරනවා. සිද්ධියට අදාළව බස් රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සාලියවැව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now