ජීවිත 45ක් සමඟ ප්‍රපාතයකට පෙරළීමට ගොස් අනූ නමයෙන් බේරුණ බස් රථ අනතුර..(VIDEO)

Gampola bus accident Hemmathagama Mavanalla Ambuluvava
By Sewvandhi Mar 27, 2022 10:32 AM GMT
Report

අසම්පූර්ණ ඉදිකිරීම් නිසා සිදුවන අනතුරු නිරන්තරයෙන් අපට වාර්තා වෙයි. ඒ බව සනාථ වන අනතුරක් ඊයේත් (26) අපට වාර්තා වුණි. මේ මාවනැල්ල සිට හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා ඇති අම්බුළුවාව කඳුකර මාර්ගයයි.

මෙම ස්ථානය ඉතා අවදානම් වන්නේ මාර්ගය අසළ ආරක්ෂිත වැටක් නොමැති වීම හේතුවෙනි. අනතුරු බහුලව සිදුවන මෙම මාර්ගයේ සිදුවූ ආසන්තම සිදුවීම නම් ඊයේ රාත්‍රියේ මගීන් 45ක් රැගත් බස් රථයක් තිරිංග ක්‍රියාවිරහිත වීම නිසා වංගුව අසළදී අනතුරට ලක්වීමය.

බස් රථය අසළ තිබු  ගසක සහ අර්ධ වශයෙන් සකස් කළ ආරක්ෂිත වැටේ ගැටී එම ස්ථානයේ රැඳීම සිදුනොවුණා නම් අඩි 100ක පමණ බෑවුමකට පෙරළීමට ඉඩ තිබුණි. බස්රථ රියදුරු මෙලෙස අදහස් දැක්වීය.

"බ්රේක් නැතුව ගියා. එකපාරටම සද්දයක් ආවා. ඊට පස්සේ හැන්ඩ් බ්රේක් ඇද්දා. ජියර් මාරු කළා. බස් එක හිටියේ නෑ. බස් එකේ 45ක් විතර හිටියා. කාටවත් තුවාල නෑ." මෙම මාර්ගයේ ඇති අනාරක්ෂිත භාවය නිසාම මෙහි අනතුරු බහුලව වාර්තාවුණි.

තවමත් නිසි ආකාරයෙන් ආරක්ෂිත වැටක් නොමැති මෙම මාර්ගයේ ආරක්ෂිතභාවය හා මගීන් ගේ සුරක්ෂිතභාවය ස්ථාවර වන්නේ කවදාද?

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now