බස් රථයක් පොකුණකට පෙරළී 17ක් මිය යයි..35ක් රෝහල් ගත කෙරේ.(PHOTOS)

Bangladesh Accident
By Aruna Jul 23, 2023 02:05 AM GMT
Report

බංගලිදේශයේ බස් රථයක් පොකුණකට පෙරලී යාමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 35කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මියගිය පිරිස අතර බාලවයස් දරුවන් හත් දෙනකු සහ කාන්තාවන් පස්දෙනෙකු ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ, අනතුරින් අවම වශයෙන් මගීන් 35 දෙනෙකු තුවාල ලබා ජලකති දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි.

මේ වන විට ගලවා ගැනීමේ සේවකයින් විසින් මළ සිරුරු 13 ක් එම ස්ථානයෙන් සොයා ගත් අතර තවත් හතර දෙනෙක් රෝහලේදී මිය ගිය බව දිස්ත්‍රික් සිවිල් ශල්‍ය වෛද්‍ය සහිරුල් ඉස්ලාම් පවසා තිබේ.

GalleryGallery