බස් රථයක් දරුණු ප්‍රපාතයකට පෙරළෙයි..45ක් ජීවිතක්ෂයට.(PHOTOS)

Accident South Africa Death
By Aruna Mar 29, 2024 02:34 AM GMT
Report

පාස්කු බැතුමතුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් දකුණු අප්‍රිකාවේ Limpopo පළාතේ දී කඳු බෑවුමකින් පහළට පෙරලීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම අනතුරින් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.

මෙසේ දිවි ගලවාගෙන ඇත්තේ අට හැවිරිදි දැරියක් වන අතර ඇය ගුවන් මගින් රෝහල වෙත ගොන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

මෙම පිරිස Gaborone සිට පාස්කු දේව මෙහෙයකට සහභාගී වීම සඳහා පල්ලියක් වෙත යමින් සිටි බැතිමතුන් පිරිසක් බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බස් රථය ඇද වැටීමෙන් පසු ගිනිගෙන ඇති බවයි.

GalleryGallery