අතිසුඛෝපභෝගී බස් රථයක් පෙරළී යයි..23කට තුවාල.(PHOTOS)
Jaffna
Sri Lanka
Accident
By Aruna
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ අතිසුඛෝපභෝගී බස් රථයක් අද (05) අලුයම කිලිනොච්චිය 155 වැනි කිලෝමීටර කණුව අසළ දී අනතුරට ලක්වීමෙන් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ, මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයෙකු ගැටීමෙන් බස් රථය පෙරළී යෑමෙන් බවයි කිලිනොච්චිය පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූවන් කිලිනොච්චිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තාවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එහි ඡායාරූප පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


