බල්ලෙකු නිසා පොලීසියේ හිත උණුවී, සිරගත කළ පුද්ගලයකුට නිදහස - සමාජ මාධ්‍ය කැළඹූ පුවත..(PHOTOS)

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Nov 21, 2022 08:33 AM GMT
Report

සුනඛයෙකු නිසා සිරගතකර සිටි පුද්ගලයෙකුට නිදහස ලැබුණු පුවතක් බුලත්සිංහල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසක පවුල් ආරවුලක් ඇති බවට 119 හදිසි ඇමතුම් අංශයට ලද පණිවිඩය මත වහාම ක්‍රියාත්මක වූ බුලත්සිංහල පොලිසිය විමර්ශන කටයුතුවලින් අනතුරුව එම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 මෙම පුද්ගලයාව රඳවා සිටි කුටිය අසල සුනඛයෙකු වැතිරි සිටින අයුරු දුටු පොලිස් නිලධාරීන් එම සුනඛයාව එලවා දැමීමට කටයුතු කලත් නැවත වරක් සුනඛයා සිරමැදිරිය අසලටම පැමිණ වැතිරි සිටිය බවයි පොලිසිය සදහන් කර සිටියේ.

පසුව මේ පිළිබඳව සොයා බැලීමෙදී හෙලිවුයේ මීට සුලු මොහොතකට පෙර සිර ගත කල පුද්ගලයාගේ නිවසේ ඇති දැඩි කල "බිංදු " නැමති සුනඛයා කිලෝමීටර් එකටත් වඩා අධික දුරක් ගේවා ජීප් රථය පිටුපසින් පැමිණ වැතිරි සිටිය බවයි. . 

 පසුව බුලත්සිංහල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලදාරින් විසින් මෙම පුද්ගලයාට දැඩි ලෙස අවවාද කොට ඇප මත මුදාහැර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery