ලංකාවේ මී හරක් මදි වෙයි. - ඒ පාර මොකක්ද මේ කරන්න යන්නේ?
මෙරටට මී ගවයන් සහ එළ ගවයන් දීමට ඉන්දියාව සහ පාකිස්තානය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර තිබෙනවා.
ඒ, අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ පාකිස්තාන මහකොමසාරිස් මේජර් ෙජනරාල් ෆාහිම් අල් අසීස් මහත්වරුන් සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ ගවයන් මෙරටට හිමිවේ.
දැනට ඉන්දියාව සහ පාකිස්තානය තම රටවල සිටින ගවයන් වෙනත් රටවලට නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අවස්ථාවක වුවත් අපේ රටට ඔවුන් සතු ගවයන් දීමට එකඟත්වය පළ කරනු ලැබීය.
ඒ අනුව ඉන්දීය රජය විසින් සහිවාල් නැමැති එළ ගව විශේෂය ද, පාකිස්ථානය විසින් මුරා නැමැති මී ගව විශේෂය ද මෙරටට දීමට නියමිත අතර එම ගවයන් මේ වසරේ අපේ රටට ලැබෙනු ඇති බව ඇමැතිවරයා සඳහන් කළා.
ලබන වසරේදී කිරි කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දීමට රජය තීරණය කර ඇති අතර එම ඉලක්කය ජය ගැනීමට මේ වන විට පියවර රැසක් රජය විසින් ගෙන ඇත.
මෙරට කිරි කර්මාන්තය නංවාලීමට වැඩි කිරි ප්‍රමාණයක් ගත හැකි ගවයන්ගේ හිඟකම අප රටට විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.
අප රටේ සිටින එක් ගවයකුගෙන් දිනකට ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 10ක් පමණ වේ. නමුත් නව කෘෂි තාක්ෂණය ඔස්සේ එක් ගවයකුගෙන් දිනකට තුන්වරක් කිරි ලීටර් 60ක් ගැනීමට හැකියාව පවතී. අපේ රටේ දේශගුණික තත්ත්වවලට ගැළපෙන එළ ගවයන් සහ මී ගවයන් සිටින්නේ ඉන්දියාවේ සහ පාකිස්තානයේ පමණි. මින් වසර කිහිපයකට පෙර නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාවේ සිට ගවයන් ආනයනය කළද එම ව්‍යාපෘති අසාර්ථක විය.
මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමන් මෙරට ඉන්දීය මහකොමසාරිස් සහ පාකිස්තාන මහකොමසාරිස්තුමන් සමඟ කළ සාකච්ඡාවලදී ඉන්දීය සහ පාකිස්තානු වැඩි දියුණු කළ එළ ගවයන් සහ මී ගවයන් ගැනීම සම්බන්ධව ද සාකච්ඡා කළ බව ඇමැතිවරයා සඳහන් කර ඇත.