අයවැයට ඡන්දය දෙන විදිය ගැන දැනුම්දීමක්..! පක්ෂව නොදුන්නොත් වෙන දේත් කියයි..
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වුවත් එක නායකයෙකු ගේ වහලෙක් නොවී සිය අදහස් නිදහසේ ප්‍රකාශ කළ යුතු බවයි.
කෙසේ වෙතත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අවසානයේ අයවැයට පක්ෂ ව ඡන්දය ලබාදිය යුතු බවත් එසේ නොවුණහොත් එම පිරිසට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු වන බවත්ය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (18) පැවති උත්සවයකින් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.
"ඒක මන්ත්‍රීවරුන්ගේ අයිතිය.තම තමන්ගේ අයිතියට අනුව ජයග්‍රහණය කළත් එකයි නොකළත් එකයි. මහජනතාව තීන්දු කරයි මේ මහජන නියෝජිතයිගේ තීරණය හරිද වැරදිද කියලා. ඒ අනුව ජනතාව පාඩමක් උගන්වයි. "
"ඒක හොඳයි නේ. එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නේ. ආණ්ඩුවේ අය වුණත් එක නායකයෙකුගේ වහලෙක් නොවී තම තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරලා අවසානයේදී ඡන්දේ දෙන එක හොඳ ක්‍රමයක්. "ඡන්දේ දෙන්න වෙනවා නේ. නැත්තන් ඒ අයට ගෙදර යන්න වෙනවා නේ."