හෙට රටේ සිදුවන වැදගත්ම දේ.. නොහිතපු දේවල් වෙන අයවැයෙන් හෙට වෙන්න යන දේ මෙන්න.

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka Budget 2023
By Sithumi Nov 12, 2023 05:23 PM GMT
Sithumi

Sithumi

in රචනා
Report

2024 අයවැය හෙට දිනයේ කියැවීම හෙට එනම් නොවැම්බර් 13 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සිදුවීමට නියමිතයි.

ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් සිදුවන මෙම අයවැයෙන් සිදුවන්නෙ කුමක්ද අපි බලමු.

අය වැය එනම් විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය යනු රටේ වැදගත්ම ලියවිල්ලයි.

මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ මුදල් අමාත්‍යවරයා විසින්. මෙවර එය ඉදිරිපත් කරන්නේ රනිල් වික්‍රම සිංහ මහතායි.

මෙවර අයවැයෙන් සිදුවන සුවිශේෂිම දේවල් දෙස ජනතාව ඉතා අවදානයෙන් පසුවීමට හේතු ගණනාවක් පවතිනවා.

වෙනත් අය වැය වලට වඩා මෙය සුවිශේෂි වන්නේ මෙරට තුළ මෙතරම් ආර්ථික අර්බුදයකට ලක්වූ කාල සීමාවක් මින් පෙර නොතිබීමයි.

පැවති ආර්ථික අර්බුදය හමුවේ මෙරට ණය නොගෙවන රටක් ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා තත්වයකටත් මෙරට පත්ව තිබෙනවා.

එවැනි පඩුබිමක මෙරටට ජනතාව බලාපොරොත්තු වන තරම් සහනයක් ලබාදීමට පවතින්නේ ඉතාමත්ම අඩු ප්‍රතිශත සීමාවක්.

කෙසේවෙතත් මෙම තත්වය පිළිබදව අවදානය යොමු කිරීමේදි රාජ්‍ය සේවකයින් සිය වැටුප් වැඩි වීමක් අපේක්ෂා කිරීම, විදුලි බිල සම්බන්ධයෙන් ජනතාව සහනයක් බලාපොරොත්තු වීම ඉන්ධන සම්බන්ධයෙන් සහනයක් බලාපොරොත්තු වීම අයවැයෙන් ඖෂධ හා සම්බන්ධ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහනයක් බලාපොරොත්තු වීම පාසල් සිසුන් සදහා සහනයක් බලාපොරොත්තු වීම, උපයන විට බද්ද අඩු කර ගැනීම වැනි විවිධ වූ ඉල්ලීම් සහ බලාපොරොත්තු හෙට දිනයේදි අයවැයෙන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා.

කෙසේ වෙතත් මෙවැනි තත්වයකදි ශ්‍රී ලංකාවේ පවතින ආර්ථිකය සම්බන්ධයෙන් ‍යම් සහන ජනතාවට ලබා දී රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන ජනාධිපතිවරණයකට අවශ්‍ය පසුබිම සලසා ගැනීමක් අයවැය ඔස්සේ සිදුවිය හැකි බවටත් මේ වන විට විචාරකයන් අදහස් පල කරනවා.