බීඩියටත් බද්දක්...අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් - 2023 අයවැය යෝජනා

Parliament of Sri Lanka Sri Lanka Sri Lanka Budget 2023
By Sewvandhi Nov 14, 2022 09:03 AM GMT
Report

2023 අයවැය යෝජනා පහතින් දැක්වේ.

* 2021 වසර අවසන් වෙන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3%ක් වූ රාජ්‍ය ආදායම 2025ක් වන විට 15%ක් දක්වා වැඩිකිරීම.

* 2025 වෙද්දි දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට වැඩි ප්‍රාථමික අතිරික්තයක්.

* රාජ්‍ය අංශයේ ණය 100%කට වඩා පහළට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

‍ * මැදි කාලීන ආර්ථික වර්ධනය 5%ක් දක්වා ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

* විදේශ විනිමය ගලා ඒම සාමාලෝචනය කළ යුතුයි.

* බස්නාහිර, වයඹ, හම්බන්තොට හා ත්‍රිකුණාමලයේ අක්කර 1000කට වැඩි නව ආර්ථික කලාප ඇති කරනවා.

* බදු සහන මත පදනම් විදෙස් ආයෝජකයින් ආකර්ශනය කරගැනීමට රු මිලියන 300ක් වෙන් කෙරේ.

* ජාතික ඵලදායි කොමිසමක් ඇති කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරනවා.

* ශ්‍රී ලංකාවේ දේශීය සැපයුම් ක්‍රම වර්ධනය කරනවා.

* තායිලන්තය - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ගැන සාකච්ඡා ආරම්භ කෙරේ.

* සිංගප්පූරුව සමග කලාපීය වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ.

* ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ගැන සාකච්ඡා සිදුකිරීමට ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවනවා.

* ශ්‍රී ලංකාවේ සැපයුම් ලෝකයේ පළමු රටවල් 70ට ගෙන යෑමට 2023 සිට 2027 දක්වා පස් අවුරුදු සැපයුම් සේවා සංවර්ධන වැඩසටහනක් හඳුන්වා දෙයි.

* යහපත් ව්‍යාපාර පරිසරයක් ඇති කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත රු. මිලියන 200ක් වෙන් කෙරේ.

* මෙරට කම්කරු නීතිය යල්පැන ගොස්ය. එබැවින් ආර්ථිකයට හා සේවකයින් ට ගැලපෙන පරිදි නව යාවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කෙරේ.

* කෘෂිකර්මයේ නවීකරණයක් සඳහා භාවිතයට නොගන්නා ඉඩම් දිගුකාලීන බදු පදනම මත අපනයන බෝග වගාකිරීමට යෝජනා කෙරේ.

* ඩිජිටල් තාක්ෂණය සඳහා අවශ්‍ය ඉදිරි දියුණුව සඳහා කේෂ්ත්‍රයේ ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කෙරේ.

* ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ඵලදායි ලෙස යොදාගැනීමට සුදුසු ප්‍රතිපත්තියක් සැලසීමට කොමිසමක් පත්කරන අතර එහි වාර්තා මාස තුනක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුයි.

* කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් කරන්දෙණිය ප්‍රදේශයේ ඇති කිරීමට රු මිලියන 200ක් වෙන්කෙරේ.

* සංචාරක කර්මාන්තයේ දියුණුවට වැඩසටහන් කිහිපයක්. ඒ සඳහා රු මිලියන 50ක් වෙන්කෙරේ.

* ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්ත නඟා සිටුවීමේ අදහසින් "ජලය මත ලිස්සා" යෑම වැනි ක්‍රීඩා ප්‍රවර්ධනයට කටයුතු කෙරේ.

* පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීමට පාසල් 1,000ක් වෙන්කෙරේ.

* ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක වැඩසටහන් දියත් කිරීමට රු. මිලියන 200ක් වෙන්කෙරේ.

* දැනට කලා විෂය ධාරාවේ පමණක් ඇති කුසලතා පදනම 2023 සිට ක්‍රමානුකූලව 50%ක් දක්වා සෙසු විෂයන් සඳහා ද වැඩිකිරීමට කටයුතු කෙරේ.

* වෛද්‍යවරු සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතන පේරාදෙණිය, රුහුණ හා යාපනයේත් ආරම්භ කිරීමට රු. මිලියන 60ක් වෙන් කෙරේ.

* විශ්වවිද්‍යාල උපාධි සඳහා තත්ත්ව සහතික මණ්ඩලයක් ඇතිකිරීම.

* උසස් පෙළ සමතුන්ට හා උපාධිධාරීන්ට විදේශ ශිෂ්‍යත්ව 75ක්. 

 *ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව වෛද්‍යපීඨයක්. ඒ සඳහා රු. මිලියන 200ක් වෙන්කෙරේ.

* ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමට වෙන්වූ ආයතනයක් පිහිටුවීමට රු. මිලියන 50ක් වෙන්කෙරේ.

* රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් වැටුප් ගෙවීමට සිදුවෙනවා. එම නිසා වත්මන් අවශ්‍යතා මත රාජ්‍ය සේවයේ සියලු අංශ සාමාලෝචනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළු නිර්දේශ සිදුකිරීමට ජනපති කොමිෂන් සභාවක් යෝජනා කෙරේ.

* බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීම.

* දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම.

* පෞද්ගලික අංශයේ සේවකයින්ට රක්ෂණාවරණයක් ලබා දීම.

* රජයේ සේවකයින් සඳහා ලබාදෙන අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය වැනි සෞඛ්‍ය රක්ෂණයක් පෞද්ගලික සේවකයින් සඳහා ද යෝජනා කරන අතර සේවක භාරකාර අරමුද එයට දායකත්වය ලබාදීමට නියමිතය.

* ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ මාර්ගගත විද්‍යුත් පද්ධතියක්. 

 *මිරිදිය කර්මාන්තය දියුණු කිරීමට රු. මිලියන 100ක් වෙන්කෙරේ.

* ඇතැම් බදු නිදහස් කිරීමට යෝජනා කෙරේ. එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන 2023 අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක කෙරේ.

* 2023 ජනවාරි 1 සිට සෙස් බද්ද, වරාය හා ගුවන් තොටුපොළ බද්ද අදියර 5කින් ද මුළුමනින්ම ඉවත්කිරීමට යෝජනා කෙරේ. 

 *විවිධ ගාස්තු 2023 ජනවාරි 1 සිට 20%කින් ඉහළට.

* විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, වීසා ගාස්තු ඉහළ දැමීමට යෝජනා කෙරේ.

* මූල්‍ය පිරිවැය අඩු කිරීමට 2023 ජනවාරි සිට දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශවලින් එකතු කළ ආදායම් ඍජුවම මහා භාණ්ඩාගාරයට මාරු කිරීමට උපදෙස්.

* බදු පරිපාලනය වැඩිකිරීමට යෝජනා මාලාවක්.

* රාජ්‍ය වියදම් පාලනයට චක්‍රලේඛන උපදෙස් ගණනාවක් නිකුත් කෙරේ.

* සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැන්වීමට අවසර.

* රාජ්‍ය සේවකයින් මුහුණදෙන දුෂ්කර තත්ත්වය හමුවේ 2023 වසර අගවන විට රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට සැලකිය යුතු සහනයක් ලබාදීමට කටයුතු කෙරේ.

* ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, හිල්ටන් හෝටලය, වෝටර්ස් ඒජ්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පරිපාලන සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කෙරේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now