ඩොලරයට සාපේක්ෂව මුදල් ඒකකයක් වාර්තාගත ලෙස පහළ යයි..

Sri Lanka Dollars
By Aruna Sep 26, 2022 05:32 AM GMT
Report

බ්‍රිතාන්‍යය ස්ටර්ලින් පවුම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලර් 1.6 ක් ලෙස පහළම අගයට ඇද වැටී ඇති බව වාර්තාවනවා.

එය 1971 වසරෙන් පසු වාර්තා වූ පහළම අගය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඇමරිකා එක්සත් ජනපදය පොලී අනුපාත ඉහළ දැමීම බ්‍රිතාන්‍ය පවුමේ අගය අවප්‍රමාණවීමට එක් හේතුවක් වී ඇති බව සඳහන්.

මීට පෙර ද ආසියානු වෙළඳපොලේ දී බ්‍රිතාන්‍ය පවුම සියයට හතරකින් පහළ ගොස් ඩොලර් එකයි ශත තුනක් බවට වාර්තා වී තිබුණා.

ඊට හේතු වී තිබුණේ ඓතිහාසික බදු කප්පාදු කිරීමේ තීරණයකට බ්‍රිතාන්‍යය චාන්සලර් ක්වාසි ක්වාර්ටෙන්ග් එළඹීමත් සමඟයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now