රට හාල් ගැන විශේෂ තීරණයක් - එළවළු මිල ගැනත් ඇමති කියයි..

Food Shortages Mahinda Amaraweera Sri Lanka Food Crisis Ministry of Agriculture Businessman
By Sewvandhi Dec 12, 2023 08:00 AM GMT
Report

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ, මෙරට තුළ සහල් සංචිතයක් නොමැති වීම හේතුවෙන් රටින් සහල් ගෙනඒමට සිදුව ඇති බවයි.

සහල් සංචිතයක් පැවතියේනම් වී මෝල්හිමියන්ට සහල් මිල තීරණය කිරීමේ හැකියාව නොපවතින බවයි, ඔහු සඳහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, එළවළු මිල සීඝ්‍රයෙන් වැඩීවීම හමුවේ එය පාලනය කිරීම සඳහා ඵලදායී යෝජනාවක් මෙතෙක් ඉදිරිපත් නොවූ බවය.

රට හාල් ගැන විශේෂ තීරණයක් - එළවළු මිල ගැනත් ඇමති කියයි.. | Bringing Rice From The Country

"ගිය කන්නයේ අපිට සාර්ථක අස්වැන්නක් ලැබුණත් අපිට සහල් සංචිතයක් නෑ. මම දිගින් දිගටම ඉල්ලුවා භාණ්ඩාගාරයෙනුත් ඒ වගේම බැංකුවලිනුත් වී සංචිතයක් තියාගත්තා නම් මෝල්හිමියන්ට අපිට යටත්වෙන්න ඕන නෑ. අනවශ්‍ය විදියට ඒ අය මිල වැඩිකරද්දි අපිට හාල් එළියට දාන්න තිබුණා.

නමුත් අපිට මුදල් ලබාගන්න විදියක් තිබුණේ නෑ. කුඩා ප්‍රමාණයක් අපි මිලදී ගත්තේ ගොවිජන භාරකාර අරමුදලේ සල්ලිවලින්. මම කිව්වා කඩිනමින් වී විදියට හෝ සහල් විදියට වෙළෙඳපොළට එවන්න කියලා. මම හිතන්නේ නෑ ඒ ටික මේ හිඟය පියවන්න ප්‍රමාණවත් කියලා."