දැවැන්ත පිපිරීමකින් රුසියාවේ ක්‍රිමියා පාලම විනාශ වී යයි - දැඩි හානි..නවතම දර්ශන මෙන්න..(VIDEO)

United Russia Russo-Ukrainian War Ukraine
By Sewvandhi Oct 08, 2022 10:28 AM GMT
Report

සෙනසුරාදා (8) අලුයම කර්ච් සමුද්‍ර සන්ධිය හරහා ක්‍රිමියාවට යන රුසියාවේ පාලම හරහා පිපිරීමක් සිදු වුන අතර, එය යුක්රේනය ආක්‍රමණය කර මාස හතකට වැඩි කාලයකට පසු ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව එල්ල වූ විශාලතම ප්‍රහාරයයි. 

 රුසියාව විසින් කර්ච් සමුද්‍ර සන්ධිය හරහා අනවසරයෙන් ඉදිකරන ලද පාලම අද උදෑසන ගිනිගෙන තිබේ. එය යුක්රේන පාලනයේ සිට සැතපුම් 100 ක් දුරින් පිහිටා ඇත.

මූලික වාර්තාවලින් කියැවෙන්නේ මාර්ග පාලමේ සහ දුම්රිය තට්ටුවේ පුපුරණ ද්‍රව්‍ය තබා එකවරම පුපුරුවා හැර ඇති බවයි.

එම අවස්ථාවේ දර්ශන පහත විඩියෝවෙන් 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now