මව්කිරි දීම සුදුසු නුසුදුසු අවස්ථා.
දරුවෙකුට ලෝකේ තිබෙන ගුණාත්මකම ආහාරය තමයි මව් කිරි.අලුත් උපන් බිළිඳකුට අවම වශයෙන් මාස 06ක් යන තුරු වත් අනිවාර්යයෙන්ම මව්කිරි දෙන්න ඕන. නමුත් එහෙම බැරි වන අවස්ථාත් නැතුවම නෙවෙයි. ඉතින් මේ කියන්න යන්නේ ඇතැම් අවස්ථාවන් වලදී මව් කිරි දීමේදී ඇති වන ගැටලුකාරී තත්ත්වයන් ගැන.එනම් මව්කිරි දීම සුදුසු නොවන අවස්ථා ගැනයි.
මව්කිරි ලබාදීම සුදුසු සහ නුසුදුසුද අවස්ථා
දරුවකුට මව්කිරි ලබාදීම සිදුකරන සම්පුර්ණ කාලසීමාවේදී එක් වරක් හෝ සෑම මවක්ම මුහුණ දෙන ගැටලුවක් වන්නේ තමන්ට අසාදිත රෝගී තත්ව
? වෛරස් ආසාදිත සෙම් හා උණ රෝගී තත්ත්ව,
? යෝනී මාර්ග හා මුත්‍රා මාර්ග ආශ්රිත අසාදන
? ආහාර අජීර්ණ හා බඩ එළිය තත්වයන්,
?? මෙවැනි අවස්ථා වලදී මව්කිරි ලබාදීම හොඳ නැහැ කියලයි ගොඩක් මව්වරු නම් කියන්නේ. ඇත්තෙන්ම, මව්කිරි හරහා මෙම ආසාදන ඇතිකරන වෛරස වලට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් නැහැ.
?? මවගේ ශරීරයට ඇතුල්වන අසාදන ඇතිකරන ප්‍රතිදේහජනකයන්ට එරෙහිව, මවගේ රුධිරයේ නිපදවෙන ප්‍රතිදේහ, රුධිරය ඔස්සේ මවුකිරි වලට සම්ප්‍රේෂණය වීම මඟින් එම ප්‍රතිදේහ ජනකයන්ට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් දරුවා තුල හටගන්නවා. එම ආසාදනයන්ගෙන් ආරක්ෂාවීමට මෙය ඔබේ දරුවාට උපකාර වෙනවා.
?? හැබැයි කිරි දෙන මවක් අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතු එක් කරුණක් තියෙනවා.ඒ ඔබගේ සනීපාරක්ෂාවයි. අසාදිත අවස්ථාවක මේ සඳහා වැඩි අවධානයක් යොමුවීම වැදගත්.
?? මව්කිරි තුලින් ආසාදන ඇතිකරන ප්‍රතිදේහජනක දැරුවාට සම්ප්‍රේෂණය සිදු නොවුනත්, අනෙක් සෘජු මාර්ග ඔස්සේ මේවා ඉතා පහසුවෙන් දරුවාට සම්ප්‍රේෂණය වන්නට පුළුවන්.
පියයුරු ආසාදන
?? මෙය වැඩිවශයෙන්ම මව්කිරි ලබාදෙන ප්‍රථම මාස 02 ඇතුලත බොහෝ මව්වරු මුහුණදෙන ගැටලුකාරී තත්වයක්. හැබැයි මෙය පහසුවෙන්ම ඖෂධ මඟින් සුව කරගන්න පුළුවන්.
?? මව්කිරි ලබාදෙන කාල පරතරයන් දීර්ඝ වීමත් , ඒ නිසාම නිපදවෙන මවුකිරි පියයුරු වල වැඩි වෙලාවක් රැඳී තිබීමත් මෙම අසාධන තත්ත්වය ඇති වීමට බලපානවා. මෙය අවම කරගැනීමට නම් නිසි පරිදි කාල පරතර රැකගෙන මව්කිරි ලබාදීම සිදු කළ . නැතිනම් මව්කිරි පම්පයක් මඟින් හෝ පියයුරෙන් ඉවත් කරන්න.
?? තනපුඩු වල තැලීමක් හෝ ඉරිතැලීමක් සිදුවී තිබීමත් ආසාදන ඇතිකරන බැක්ටීරියාවලට පියයුරු තුලට ඇතුල්වීම ඉතා පහසු කරනවා. මෙය ඇතිවන්නේ තනපුඩු අධික ලෙස වියළි බවට පත්වීම හෝ දරුවා තනපුඩු වලට සම්බන්ධ වන ආකාරයේ හෝ කිරි ඉරීමේ ගැටළු සහිත තත්වයක් පවතින නිසා වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී, කිරි ලබාදීමේදී නිසි ක්‍රම හා පියවර අනුගමනය කිරීමත්, තනපුඩු අධික ලෙස වියළීම ඇති නොවීමටත්, අපිරිසිදු නොවීමටත් වගබලා ගත යුතුයි.
?? මීට පෙරත් පියයුරු ආසාදන ඇතිවී තිබීම, එවැනි විටකත් නැවත නැවත ආසාදන ඇතිවීමේ අවදානම වැඩිවන්නට පුළුවන්.
?? රුධිරයේ හිමොග්ලොබින් අඩු තත්වයක පැවතීම, එනම් රක්තහීනතාවයකදී පියයුරු වල විතරක් නෙවෙයි ඕනෑම ආසදනයකට ඇති අවදානම ඉහළ යෑමේ ප්රවනතාව වැඩි. මොකද, එමඟින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව ක්‍රමයෙන් බිඳ වැටෙන නිසයි.
?? ආසාදනය අතරතුර එම පියයුරෙන් මව්කිරි ලබා දෙනවා නම් මව්කිරි ලබාදීමට විනාඩි 15කට පමණ පෙර මදක් උණුසුම්, තෙත රෙදි කඩක් පියයුර මත තබා ගන්න.එයින් පියයුරු වලට මවුකිරි ඉනීම වර්ධනය වෙනවා.ඒ වගේම දියර පානයන් ලබාගැනීම හා සීත හෝ උණුසුම් සම්බාහනයන් ද සුදුසුයි.
මව්කිරි ලබාදීමෙන් වැලකී සිටිය යුතු අවස්ථා
? HIV වෛරස ආසාදිත මවක් නම් (Aids),
? හර්පීස් (Herpes) ආසාදිත වීම,
? හෙපටයිටිස් B හා C ආසාදන,
? ක්ෂය රෝග ආසාදන (Tuberculosis),
? මත්ද්‍රව්‍ය හෝ මත්වතුර සඳහා ඇබ්බැහි වූ මවක් වීම,
? වෛද්‍ය උපදෙස් මත යම් ඖෂධ ලබාගන්නේ නම් හා එම ඖෂධ මවුකිරි ලබාදෙන කාලය අතරතුර භාවිතයට නුසුදුසු යයි සැලකෙන වර්ගයේ නම්, එනම් පිළිකා නාශක ඖෂධ,වලිප්පුව සදහා වන ඖෂධ,මානසික රෝග සඳහා ලබාදෙන යම් ඖෂධ වර්ග,පිළිකා සඳහා රේඩියෝ කිරණ ප්‍රතිකාරවලට යොමුවී සිටී නම්,
? මෙම අවස්ථාවලට අමතරව ජීර්ණ පද්ධතියේ වෙනස්කම් සහිත දරුවන්ටද මවුකිරි ජිර්ණයේ අපහසුතා නිසා මවුකිරි ලබාදිමෙන් වැළකී සිටීමට සිදු වනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |