අතුරුගිරියේදී වෙඩි තැබීමක්
Sri Lanka Police
Law and Order
Gun Shooting
Gun Violence
Sinhala news
By R.rishma
අද (08) රාත්‍රී 7.30ට පමණ අතුරුගිරිය පොලිස් වසමේ පරණ හන්දිය, වැල්ලමුල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇත.
පොලිසිය පවසන්නේ එම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
වෙඩි ප්‍රහාරයෙන් තරුණයාගේ කකුලට තුවාල සිදුව ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති පොලීසිය පවසයි.
BEV 4486 දරණ සුදු පැහැති ඩියෝ වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.