පාන් ගැන ඇහෙන අලුත්ම කතාව..
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
පවතින නීතිය මත පාන් ගෙඩියක නිසි බර ප්‍රමාණය පෙන්වා දී නොමැති නිසා බේකරිහිමියන්ට හා වෙළෙඳුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව කිරුම් මිනුම් පරීක්ෂකවරුන්ගේ ජාතික සංගමය පවසයි.
කිරුම් මිනුම් පරීක්ෂකවරුන්ගේ ජාතික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක දුලිත් අශෝක මහතා පවසන්නේ,
"පනතේ පාන් ගෙඩිය ග්‍රෑම් 450යි කියලා සඳහන් වෙලා නැති නිසා වංචනිකයින්ට රිංගන්න පුළුවන් වෙලා තිබෙනවා.අපි කියන්නේ මේ හිඩැස වහලා දෙන්න කියලා.පනතේ ග්‍රෑම් 225ටත් පාන් හදන්න පුළුවන් නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩිය ග්‍රෑම් 225ට හදලා දෙනවා."