කවුරුත් නොහිතපු මිලකින් පාන්ගෙඩියත් වැඩි වෙයි..නව මිල මෙන්න.

By Aruna Mar 11, 2022 06:20 AM GMT
Report

පාන්පිටි මිල රුපියල් 159 දක්වා මිල ඉහළ යාම හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 20 -30 අතර මිලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.

ඊට සාපෙක්ෂව බනිස් ගෙඩියක් රුපියල් 10කින්ද සෙසු බේකරි නිෂ්පාදනය ඉහළ දමන බව ජයවර්ධන මහතා කියා සිටියේය.

ඒ අනුව අද දහවල් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් පස මිල තීරණය කරන බවද ඔහු කියයි.

මේ අතර සෙරන්ඩිබ් සමාගම තිරිඟු පිටි මිල අද සිට ඉහළ නංවා තිබෙනවා.

ඒ කිලෝග්‍රෑමයක් රුපියල් 35කින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now