කටට රසට සැර පාන් කොත්තුවක් කමුද?
Healthy Food Recipes
Sri lanka Food Recipes
By Wayomi
සැරට රසට ගෙදරදීම පාන් කොත්තුවක් රස බලමුද? එහෙනම් මෙන්න රෙසිපි එක.
අවශ්‍ය ද්‍රව්‍ය
? කෑලි කපාගත් පාන් කෝප්ප 2
? කපාගත් කැරට් අල 1
? කපාගත් ලීක්ස් කෝප්ප 1/2
? කපාගත් ළූණුකොළ කෝප්ප 1/4
? කපාගත් ළූණු ගෙඩි 1
? කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2
? නයි මිරිස් කරල් 1
? කෑලිමිරිස් තේහැඳි 2
? චීස් කෑලි 2
? කපාගත් අමුමිරිස් කරල් 2
? චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේහැඳි 2
? සෝයාසෝස් තේහැඳි 1
? බිත්තර 2
සාදාගන්න ආකාරය
? පෑන් එකට තෙල් ටිකක් දාල රත්වෙනකොට ඉඟුරු සුදුළූණු ටික දාගන්න.
? මේකට අමුමිරිස් හ නයි මිරිස් චොප් කරලා එකතු කරගන්න.
? ටිකක් බැදෙන්න ඇරලා බිත්තර ටික දාගන්න.
? හොඳට කලවම් කරගන්න.
? දැන් මේකට කෑලිමිරිස්, ළූණු හා කැරට් දාලාකලවම් කරන්න.
? අනික් එළවළු සියල්ලත් දාලා කලවම් කරලා චීස් දාගන්න.
? ඊලඟට පාන් කෑලි දාලා කලවම් කරලා සෝයා සෝස් ටික්ක් දාලා ලිපෙන් බාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |