ගෙදර ඉන්න ගමන් රස විදින්න රස Bread Dessert එකක්.
Sri lanka Food Recipes
By Wayomi
ගණන් කීය වුණත් ඉඳලා හිටලා හරි අපි පාන් කනවනේ නේද? ඔන්න ඉතින් කාලා ඉවරවෙලා ඉතිරි වන පාන් වලින් හරි වෙනම පාන් කෑල්ලකින් හරි හදාගන්න පුළුවන් රස අතුරුපසක් ගැනයි මේ කියන්න යන්නේ. "Chocolate Bread Dessert"
අවශ්‍ය ද්‍රව්‍ය
🍫🍞 කොකෝවා පව්ඩර් මේසහැඳි 4ක්
🍫🍞 කපාගත් පාන් කෑලි කෝප්ප 1
🍫🍞 සීනි කෝප්ප 1/2
🍫🍞- කිරි කෝප්ප 3
🍫🍞 බටර් ස්වල්පයක්
සාදාගන්න ආකාරය
🍫🍞 බෝල් එකකට කොකෝවා පව්ඩර්, පාන් කෑලි, සීනි, සහ කිරි දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
🍫🍞 පසුව එම මිශ්‍රණය පෑන් එකකට දාලා අඩිය අල්ලන්න නොඳී හැඳිගාමින් රත් කරගන්න.
🍫🍞 බුබුළු දානකොට ලිපෙන් බාලා බටර් ගාගත් ට්‍රේ එකකට දාලා පැය2ක් ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියන්න.
🍫🍞 පසුව අනෙක් පැත්ත හරවලා කෑලි කපන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |