මොළයේ ගෙඩියක් හටගෙන ඇති බව පෙන්වන රෝග ලක්ෂණ.

Brain Cancer Brain Tumour
By Wayomi Sep 11, 2022 07:57 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මොළයේ ගෙඩි කියන්නේ මොළයේ කිසියම් තැනක ඉතා කුඩා තිතක් මෙන් හටගන්නා ගැටිත්තක් පසුව ගෙඩියක් ලෙස ටිකෙන් ටික විශාල ගෙඩියක් බවට පත්වෙනවා.ඒ අනුව රෝග තත්ත්වයද බරපතල තත්ත්වයට පත්වන අතර රෝග ලක්ෂණද පෙන්නුම් කිරීමට පටන් ගන්නවා. මොළේ ගෙඩියක් තියෙනවා හෝ අසනීපයක් තියෙනවා කියලා ඔබට දැනෙන්න පටන් ගන්නේ එතකොටයි.

රෝග ලක්ෂණ

🟢 හිසරදය. එක්වරම හටගන්නා මෙහි කැක්කුම් ඇතිවන ස්වභාව වරින්වර වෙනස් වන නමුදු ක්‍රමයෙන් ඉහළ යයි.

🟢 හේතු රහිත වමනය යාම සහ ඔක්කාරය.

🟢 ඇසේ අපහසුතා සහ පෙනීමේ දුර්වලතා

🟢 අතපය නොමැති ලෙස දැනීම සහ අක්‍රිය වීම

🟢 කන් ඇසීමේ අපහසුතා

🟢 ඔලුව හිරිවැටීම

🟢 සමබරතාව නැතිව වැටෙන්නට යාම

🟢 කතා කිරීමේ අපහසුතා

🟢 ගතිපැවතුම් හැසිරිම් වෙනස් වීම

🟢 හදිසි අපස්මාරය

🟢 මතකය හෝ සිතන ආකාරය වෙනස් වීම


🧠 ස්නායු ශිර්ෂකය ප‍්‍රදේශයේ ගෙඩියක් ඇති වුණොත් ඇස, කන, දිව, බෙල්ල, මුහුණ ආදී කොටස්වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා යනවා.එවිට කට පැත්තකට ඇද වී හෝ විරෑපී ස්වභාවයක් ඇති කරන්නත් බොහෝ වෙලාවට ඉඩ තියෙනවා.

🧠 මතකය අඩුවෙයි.ඒ වගේම කෙනෙක් සමග දක්වන සන්නිවේදන සබඳතාව අඩාල වීම සහ ගොත ගැසීම ඇති වෙනවා.

🧠 විශේෂයෙන්ම මොළයේ හටගන්නා ගෙඩිවලට ප‍්‍රතිකාර කිරීමේදී එම ගෙඩියේ ස්වරූපය වෛද්‍යවරුන් විසින් නිවැරැදිව හඳුනාගැනීම අත්‍යවශ්‍යයයි.

🧠 මොකද සමහර විට එක් පිළිකාවක් වෙන්න ඉඩ තියෙනවා.ඒ වගේම සිරුරේ වෙනත් ස්ථානයක ඇති පිළිකාවක ප‍්‍රතිඵලයක් විදිහට මොළයේ ගෙඩිහට ගැනීමටද ඉඩ තියෙනවා.

උදාහරණයක් විදිහට පෙනහළු පිළිකා, වකුගඩු පිළිකා නිසා ඒවා මොළයට කරන බලපෑමෙන් ගෙඩි ඇතිවෙන්න පුළුවන්.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW