පොත් මිල දෙගුණයක් වෙයි..?පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්..!

Sri Lanka Samantha Indivara Gunasighepura Book price
By Sewvandhi Mar 13, 2022 03:11 PM GMT
Report

දිනෙන් දින ඉහළ යන කඩදාසි මිල සහ අමුද්‍රව්‍ය හිඟතාව හේතුවෙන් මෙරට මුද්‍රණ කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.

මෙම තත්ත්වයට වහා විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් මුද්‍රණකරුවන් ඊයේ (12) ගුණසිංහපුරදී විරෝධතාවයක් පැවැත්විය.

මේ වාතාවරණය තුළ තම මුද්‍රණායතන වසාදැමීමට සිදුවන තත්ත්වයක් උද්ගතව ඇතැයි කුඩා පරිමාණ මුද්‍රණකරුවන් පවසයි. මතුව ඇති තත්ත්වය හමුවේ ඇතැම් සති අන්ත ජාතික පුවත්පත්වල මිල ගණන්ද ඉකුත් සතියේ ඉහළ නැංවුණි.

පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසන්නේ ඉදිරියේදී පොත්වල මිල ගණන්ද ඉහළ නැංවීමට සිදුවිය හැකි බවය. ඒ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සමන්ත ඉන්දීවර මහතා,

"දිනපතා මිල වැඩිවීමක් සිදුවෙන්න බැහැනේ ප්‍රායෝගිකව. දැන් සිද්ධ වෙන්නේ දිනපතා මිල ඉහළ යෑමක්. සමහර කූඨ වෙළෙන්දෝ අතේ තියෙන තොග සඳහා දිනෙන් දින මිල ඉහළ දානවා. අපි කලින් ඉල්ලීමක් කළා රාජ්‍ය අංශයේ කඩදාසි සංස්ථාව හරහා හෝ යම් තැනකින් අපට අවශ්‍ය කොළ ප්‍රමාණය ලබාදෙන්න කියලා සහනදායි මිලකට. ඒකට සාධනීය පිළිතුරක් ලැබුණේ නැත්නම් ඉදිරියේදී පොත් පත්වල මිල අද තියෙන මිල වගේ දෙගුණයක් වැඩි වෙන්න බොහොම ඉඩ කඩ තියෙනවා. මේ තත්ත්වය තවදුරටත් පැවතුනහොත් එකේ බර දරාගන්න වෙන්නේ පොදු පාඨකයාට."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now