ලංකාවෙන් හමු වූ බෝම්බ පෙට්ටිය..
Jaffna
Sri Lanka
By krishani
යාපනයේ කොඩිගාමම් කර්පේලි ප්‍රදේශයේ දී බෝම්බ හා යුද උපකරණ රැසක් අඩංගු යකඩ පෙට්ටියක් පොලීසිය විසින් ඊයේ(24) දී සොයාගෙන ඇත.
ඉඩම් හිමියෙකු සිය වත්ත එළිපෙහෙළි කිරීමට ගිය අවස්ථාවේ මෙම බෝම්බ පෙට්ටිය හමු වී ඇති අතර ඔහු ඒ ගැන කොඩිගාමම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ එය ගොඩ ගෙන තිබේ.
යුද සමයේ දි කොටි සාමාජිකයින් විසින් මේ ස්ථානයේ වළ දමන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරන අතර එම බෝම්බ පුපුරවා විනාශ කිරීමට කොඩිගාමම් පොලීසිය චාවාකච්චේරී අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන ඇත.