ලංකා බැංකුවෙන් ඉතිහාසගත වාර්ථාවක් - ජනපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්..!

Central Bank of Sri Lanka Sri Lankan rupee The Bank of Ceylon Sri Lanka
By Sewvandhi Jun 19, 2022 12:00 PM GMT
Report

ලංකා බැංකුව ඉතිහාසයේ වාර්තාගත රුපියල් බිලියන 43ක බදු පෙර ලාභයක් උපයා ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ලංකා බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පිළිගැන්වීම පසුගියදා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු වූ අතර එහිදී මේ කරුණු අනාවරණය වී තිබේ.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණ. ණය ක්‍රම පුළුල් කිරීම හා දීප ව්‍යාප්ත සියලු ස්ථරයන් ආවරණය කෙරෙන ගනුදෙණුකරුවන්ට සමීප සේවාවක් සැපයීමෙන් අදාළ ඉලක්කය සපුරා ගෙන ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

රාජ්‍ය බැංකුවක වගකීම දරමින් මෙම ප්‍රතිලාභ ජනතාව වෙත නැවත ලබාදීමට කටයුතු කරන බව ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා පවසා තිබේ.

ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි, අතිරේක මහා කළමනාකරු රසල් ෆොන්සේකා, නියෝජ්‍ය කළමණාකරුවන් වන වයි.ඒ. ජයතිලක, පියල් සිල්වා, රුවන් කුමාර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now