බෝට්ටු අනතුරකින් 76ක් ජිවිතක්ෂයට පත් වූ සංවේදී පුවතක්.. (විදෙස් පුවත්)
Accident
By krishani
නයිජීරියාවේ අග්නිදිග ඇනම්බ්‍රා ප්‍රාන්තයේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අනම්බ්‍රා ප්‍රාන්තයේ ඔග්බාරු ප්‍රදේශයේදී පුද්ගලයන් 80 දෙනෙකු රැගත් බෝට්ටුව මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.
ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට ජනාධිපති මුහම්මදු බුහාරි අනතුරින් මියගිය අයගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කර ඇත.