උදේ හිස් බඩ මේවා කෑවොත් සිරුරට සිදු වන දේ ගැන ඔබ පුදුම වේවි.
කළුදුරු කියන්නේ රෝග රැසකට ගුණ දෙන ප්රතිශක්තිජනක මහඟු ඖෂධයකි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව වසර දෙදහසකට අධික කාලයක සිට විවිධ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා කළුදුරු භාවිත කරනවා.
කළුදුරු ඉන්දියානු ආයුර්වේදයේ යුනානි වෛද්‍ය ක්රමයේ මෙන්ම අරාබි වෛද්‍ය ක්‍රමයේත් භාවිත කරනවා. කළුදුරුවල ස්වාභාවික සංයෝග රැසක් අඩංගු වී තිබෙන හෙයින් රෝග රැසකට ගුණයි.
සාමාන්‍යයෙන් මුස්ලිම් ගෙවල්වල නම් කළුදුරු කිව්වම ඊට වැඩිය බෙහෙතක් නැති තරම්. මොකද නබි සල් තුමාගේ දේශනා වල කළුදුරු වලට කිව්වෙ මරණය හැර අනිත් හැම ලෙඩකට කළුදුරු හොඳයි කියලලු.
කළුදුරු වල ගුණ
? හදවත් රෝග සුව කරයි.
? කොලෙස්ටරෝල් අඩු
? සීනි මට්ටම අඩු කරයි.
? රුධිර පීඩනය අඩු කරයි.
? පිළිකා නසයි
? ගැස්ට්‍රයිටිස් නැති කරයි
? පණු අමාරුව සුව කරයි
? පාචනය ගුණදායකයි
? අර්ශස් සුව කරයි.
? උදරාබාධා වලට ගුණයි.
? අජීර්ණය ගැටළු වලට ගුණයි
? මලබද්ධය සුව කරයි.
? හිසේ කැකුකුමට ගුණයි
? දත් කැක්කුමට ගුණයි
? නාසයේ දියර ගැලීම අඩු කරයි.
? පෙනහළු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
? උණ වැනි රෝග වලට ගුණදායකයි.
? දුර්වල ප්‍රතිශක්තිකරණ රෝග වලට ගුණයි.
? වකුගඩු පිරිසිදු කරයි
? බඩවැල් වල තුවාල සමනය කරයි
? සන්ධි වේදනා නැති කරයි
? රූපලාවන්‍ය කටයුතු වලට වඩාත් ගුණදායකයි.
? HIV ආසාදිත රෝගීන් අතර රෝගාබාධ හා මරණ සඳහා ප්‍රධානතම හේතුව බැක්ටීරියා ආසාදන වේ. කළුදුරු සතු ඉහළ ප්රතිබැක්ටීරියා ගුණාංග සම්බන්ධව කළ පර්යේෂණයකදී HIV වැළඳුණු රෝගීන් සඳහා බැක්ටීරියා නාශකයක් ලෙස කළුදුරු තෙල් සාර්ථකව ක්‍රියාකරන බව තහවුරු වී තිබෙනවා.
භාවිතායට ගන්නේ කොහොමද?
? හැමදාම උදේට හිස් බඩ ඇඟිලි දෙකට අහුවෙන් ප්‍රමාණයක් අරගෙන කටේ දාලා පවුඩර් වෙන්න හපල උණුවතුර උගුරු තුනක් බොන්න.
? මුහුණේ කුරුලෑ තියෙන අය මාස දෙකක් නොකඩවා කුරුලෑ මත කළුදුරු තෙල් ආලේප කරලා පැයකින් උනු වතුරෙන් සෝදන්න කුරුලෑ පැල්ලම්ද මැකී යයි.
? කකුලේ කොර පොතු තියෙන අයත් කළුදුරු තෙල් ආලේප කරල පැයක් තියලා උණුවතුරෙන් සෝදන්න කොරපොතු නැති වීයයි.
? කළුදුරු තෙල් හා මී පැණි එකට කවලම් කරලා තුවාල වලට ගාන්න තුවාල සුවයක් ලැබෙයි.
? කලුදුරු තෙල් පොල්තෙල් එකට එක කවලම් කරලා හිසේ ගාලා පැයකින් නාන්න හිස කෙස් කලු වෙයි. හිස කෙස් දිලිසෙයි. හිස කෙස් හොඳට වැඩෙයි. හිස් හොරි නැතිව යයි.
? ඕනෑම සමේ රෝග තියෙන අය කළුදුරු තෙල් ආලේප කරල පැයකින් නාන්න නොකඩවා මාස හයක් ගාන්න සමේ රොග නිට්ටාවට සුව වෙයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |