බෙල්ල කළු වෙනවට හොඳම විසඳුම් මෙන්න.
නිතරම හිතන්නේ මුහුණ කොහොමද ලස්සනට තියාගන්නේ කියලනේ. හැබැයි බෙල්ල වටා කළු නම් මුහුණ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ.
කාන්තාවකගේ නම් ඔසප් චක්‍රය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා හෝමෝන අසමතුලිතතාව හට ගන්නවා. මෙහිදී මසකට වතාවක් ඔසප් චක්‍රය නිසි ලෙස ක්‍රියාත්මක නොවනවා වගේම ඩිම්බ මේරීම, ඩිම්බ නිසි කාලෙට නිදහස් නොවීම වැනි තත්ත්වයන් නිසාත් බෙල්ල කළු වෙන්න පුළුවන්. එමෙන්ම ගර්භාෂයේ Endometriosis මෙන්ම Fibroid වැනි රෝග තත්ත්ව නිසා ඇතිවන හෝමෝන අසමතුලිතතාව මඟින් බෙල්ල වටා කළු වීම සහ රැලි වැටීම වැනි තත්ත්ව දැක ගන්න පුළුවන්.මේවාට නිසි වෛද්‍ය උපදෙස් ගන්න.
මේ දේවල් වලට අමතරව රෝම වැඩීම, බර වැඩිවීම, තරබාරුව වැනි ලක්ෂණ නිසාත් බෙල්ල කළු වීමේ තත්වය ඇති වෙනවා. ඉතින් මේ තත්වයට ගෙදරදීම බාහිරින් කරන්න පුළුවන් ස්වාභවික සත්කාර කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.මෙම සත්කාර වැළමිට සහ අත් යට කළුවීම් වලටද භාවිතා කරන්න පුළුවන්.
01 ක්‍රමය
🤎 නැවුම් එළකිරි වලින් ඔබේ බෙල්ල හොඳින් සම්භාහනය කරන්න.
02 ක්‍රමය
🤎 ඔලිව් තෙල් සහ සිනි ඒකට මිශ්‍ර කර හොඳින් බෙල්ල ස්ක්‍රබ් කරන්න.
🤎 දවස් තුනකට වතාවක් මෙය සිදුකොට වෙනස වටහාගන්න.
🤎 කෙසෙල් ගෙඩියක් ගෙන එය ඔලිව් තෙල් තේ හැන්දක් සමඟ තලපයක් වනතුරු මිශ්‍රකරන්න.
🤎 එම තලපය බෙල්ලේ ගලවා විනාඩි 15කින් සෝදා හරින්න.
03 ක්‍රමය
🤎 ලෙමන් සහ රෝස වතුර සමාන ප්‍රමාන වලින් අරගෙන හොඳින් මිශ්‍ර කොට බෙල්ල සම්බාහනය කරන්න.
🤎 රැයක් පුරා මෙම ආලේපය තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
🤎 එහෙමත් නැත්නම් ලෙමන් යුෂ තේ හැන්දකට කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කොට බෙල්ලේ ආලේප කොට තබා විනාඩි 10කින් 15කින් සෝදා හරින්න.
04 ක්‍රමය
🤎 බේකින් සෝඩා, ලුණු සහ ඔලිව් තෙල් තේ හැඳි 01 බැගින් ගෙන තලපයක් වෙන තුරු හොඳින් මිශ්‍රකරගන්න.
🤎 විනාඩි 20කින් පමණ සිතල වතුරින් සෝදා හරින්න.
05 ක්‍රමය
🤎 මී පැණි සහ තක්කාලි මගින්ද බෙල්ලේ ඇති අවපැහැ ගතිය අවම කරගන්න පුළුවන්.
🤎 තක්කාලි යුෂ තේ හැන්දකට මී පැණි කලවම් කොට ආලේප කරන්න.
🤎 විනාඩි 20ක් තබා සෝදා හරින්න.
06 ක්‍රමය
🤎 යෝගට් සහ කහ කුඩු එකට කලවම් කොට තලපයක් ලෙස සාදා ගන්න.
🤎 විනාඩි 15ක් බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න.
🤎 එහෙමත් නැත්නම් යෝගට් සහ දෙහි බින්දු කිහිපයක් එකට මිශ්‍රකොට විනාඩි 20ක් පමණ බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න.
07 ක්‍රමය
🤎 අර්තාපල් යුෂ මගින්ද බෙල්ලේ කළු වීම් අවම කරගන්න පුළුවන්.
🤎 අර්තාපල් ගෙඩියක් ගෙන පෙති ආකාරයට කපන්න.
🤎 විනාඩි 5ක් 10ක් ඔබේ බෙල්ලේ කළු වී ඇති ස්ථාන මත එය හොඳින් පිරිමදින්න.
08 ක්‍රමය
🤎 දොඩම් ලෙලි අරගෙන ඒවා වියලා කුඩු කරගන්න.
🤎 දොඩම් ලෙලි වෙලිමේදී හිරු එළියේ වෙලන්න එපා. එයින් දොඩම් ලෙලි වල ඇති ශාකසාර නැතිවෙනවා.
🤎 එයටම නැවුම් එල කිරි තේ හැන්දක් පමණ දමා හොඳින් මිශ්‍ර කරගන්න.
🤎 එය ඔබේ බෙල්ලේ ගලවා විනාඩි 20ක් පමණ වේලෙන්නට හැර සෝදා ගන්න.
09 ක්‍රමය
🤎 හාල් කැඳ මගින්ද බෙල්ලේ අවපැහැ ගතිය අවම කරගන්න පුළුවන්.
🤎 කරන්න තියෙන්නේ බත් කැඳ ගෙන ඔබේ බෙල්ල හොඳින් සම්භාහනය කිරීමයි.
🤎 විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |