කළු කූඹී කරදරෙන් බේරෙන ස්වභාවික ක්‍රම.
ගොඩක් ගෙවල් වල තියෙන ලොකුම ගැටළුවක් තමයි කළු කූඹී. මේසයක් උඩ හෝ භාජන වල කෑමක් බීමක් තියන්න බෑ පොඩ්ඩ ඇත්නම් කුඹි පිරෙනවා. ඔන්න ඉතින් මේ කියන්න යන්නේ ඒ කරදරේට විසඳුම් කිහිපයක්.
1. මිංචි
?මිංචි පැල සිටුවිමෙන් කළු කූඹින් විතරක් නෙමෙයි ගොඩාක් කෘමි සතුන් විකර්ශණය වෙනවා.
?මිංචි පැල වල අඩංගු පෙපමින්ට් හොද ස්වභාවික කෘමි විකර්ශකයකි.
? කුහුඹුවන් පාලනය කිරීම සඳහා ස්වාභාවික පිළියමක් ලෙස ඔබේ නිවස වටා මිංචි පැල සිටුවන්න.
? නැතිනම් එහි පෙපමින්ට් සාරය භාවිතා කරන්න.
? ඒ වගේම තමයි පුළුන් කැබැල්ලකට පෙපමින්ට් තෙල් ටිකක් අරගෙන කූඹින් නිවසට එන දොර ජනෙල්, මේස අසල තවරන්න.
2.විනාකිරි
? කූඹින් නිවසට ඇතුල් වීම වළක්වාගන්න. ඒ සදහා කූඹීන් නිවසට ඇතුල් වෙන දොර ජනෙල් හා සියලුම මාර්ග වල කලින් ඔබ සකස් කරගත් විනාකිරි මිශ්‍රණය තවරන්න.
3.දෙහි යුෂ
?විනාකිරි මෙන්ම දෙහි යුෂ ද කුහුඹුවන් අනුගමනය කරන ගන්ධය නැති කරනවා.
? දෙහි යුෂ කොටසකට ජලය කොටස් 3 ක් මිශ්‍ර කර භාවිතා කරන්න.
? මෙසේ සකස් කර ගත් දෙහි ද්‍රාවණය නිවසට ඇතුල් වෙන සියලුම පිවිසුම් මාර්ග වලට ඉසින්න.
4.කුරුඳු
? කුහුඹුවෙකු කුරුඳු සුවද ආශ්වාස කරන විට, හුස්ම හිරවී මිය යනවා.
? ඔබට කුඩු කල කුරුඳු කුහුඹුවන්ගේ ගමන් මාර්ග වලට හා කූඹි ගුල් වටා ඉසින්න පුළුවන්.
? කුරුඳු තෙල් ද හොඳ කෘමි විකර්ශකයකි.
? කුරුඳු තෙල් බින්දු කිහිපයක් වතුර සමඟ මිශ්‍ර කර කුහුඹුවන්ගේ ගමන් මාර්ග, දොරවල්, ජනෙල් සහ ඉරිතලා ගිය ස්ථාන වටා ඉසින්න.
5. කොච්චි මිරිස් හා කළු ගම්මිරිස්
? කොච්චි හෝ කළු ගම්මිරිස් යන දෙකම කුහුඹුවන් විකර්ශනය කරනවා.
? කුහුඹුවන් බෝවෙන ස්ථාන සොයා එම ප්‍රදේශය වටා ගම්මිරිස් ස්වල්පයක් ඉසිය යුතු අතර, හැකි නම්, කුහුඹුවන්ට ඔබේ
? නිවසට පිවිසීම වළක්වන පවුරක් සාදන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |