කළු කූඹී කරදරෙන් බේරෙන ස්වභාවික ක්‍රම.

By Wayomi Oct 16, 2022 12:31 PM GMT
Report

ගොඩක් ගෙවල් වල තියෙන ලොකුම ගැටළුවක් තමයි කළු කූඹී. මේසයක් උඩ හෝ භාජන වල කෑමක් බීමක් තියන්න බෑ පොඩ්ඩ ඇත්නම් කුඹි පිරෙනවා. ඔන්න ඉතින් මේ කියන්න යන්නේ ඒ කරදරේට විසඳුම් කිහිපයක්.

1. මිංචි

?මිංචි පැල සිටුවිමෙන් කළු කූඹින් විතරක් නෙමෙයි ගොඩාක් කෘමි සතුන් විකර්ශණය වෙනවා.

?මිංචි පැල වල අඩංගු පෙපමින්ට් හොද ස්වභාවික කෘමි විකර්ශකයකි.

? කුහුඹුවන් පාලනය කිරීම සඳහා ස්වාභාවික පිළියමක් ලෙස ඔබේ නිවස වටා මිංචි පැල සිටුවන්න.

? නැතිනම් එහි පෙපමින්ට් සාරය භාවිතා කරන්න.

? ඒ වගේම තමයි පුළුන් කැබැල්ලකට පෙපමින්ට් තෙල් ටිකක් අරගෙන කූඹින් නිවසට එන දොර ජනෙල්, මේස අසල තවරන්න.


2.විනාකිරි

? කූඹින් නිවසට ඇතුල් වීම වළක්වාගන්න. ඒ සදහා කූඹීන් නිවසට ඇතුල් වෙන දොර ජනෙල් හා සියලුම මාර්ග වල කලින් ඔබ සකස් කරගත් විනාකිරි මිශ්‍රණය තවරන්න.


3.දෙහි යුෂ

?විනාකිරි මෙන්ම දෙහි යුෂ ද කුහුඹුවන් අනුගමනය කරන ගන්ධය නැති කරනවා.

? දෙහි යුෂ කොටසකට ජලය කොටස් 3 ක් මිශ්‍ර කර භාවිතා කරන්න.

? මෙසේ සකස් කර ගත් දෙහි ද්‍රාවණය නිවසට ඇතුල් වෙන සියලුම පිවිසුම් මාර්ග වලට ඉසින්න.


4.කුරුඳු

? කුහුඹුවෙකු කුරුඳු සුවද ආශ්වාස කරන විට, හුස්ම හිරවී මිය යනවා.

? ඔබට කුඩු කල කුරුඳු කුහුඹුවන්ගේ ගමන් මාර්ග වලට හා කූඹි ගුල් වටා ඉසින්න පුළුවන්.

? කුරුඳු තෙල් ද හොඳ කෘමි විකර්ශකයකි.

? කුරුඳු තෙල් බින්දු කිහිපයක් වතුර සමඟ මිශ්‍ර කර කුහුඹුවන්ගේ ගමන් මාර්ග, දොරවල්, ජනෙල් සහ ඉරිතලා ගිය ස්ථාන වටා ඉසින්න.


5. කොච්චි මිරිස් හා කළු ගම්මිරිස්

? කොච්චි හෝ කළු ගම්මිරිස් යන දෙකම කුහුඹුවන් විකර්ශනය කරනවා.

? කුහුඹුවන් බෝවෙන ස්ථාන සොයා එම ප්‍රදේශය වටා ගම්මිරිස් ස්වල්පයක් ඉසිය යුතු අතර, හැකි නම්, කුහුඹුවන්ට ඔබේ

? නිවසට පිවිසීම වළක්වන පවුරක් සාදන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW