අහස උසට මිල වැඩි කරන බිස්කට් සමාගම් වලට කරන්න යන දේ

Food Shortages Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis Nalin Fernando
By Sewvandhi Aug 11, 2022 04:58 AM GMT
Report

බිස්කට් සමාගම් මිල ඉහළ දැමීම පිළිබදව ද අවධානය යොමු වී තිබෙන බවත් අවශ්‍ය වුවහොත් එය අත්‍යාවශය භාණ්ඩයක් ලෙස නම් කර භාණ්ඩයේ මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය යටතට ගන්නා බව වෙළද හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා සඳහන් කරයි

අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ (10) වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් සමඟ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි

මේ අතර, සිමෙන්ති, යකඩ, ටයර්, බිත්තර, කුකුල් මස්, පාන් සහ බනිස්වල මිල ගණන් සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ තමාට වාර්තාවක් ලබා දෙන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

වෙළෙද අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තොග මිල ගණන් අඩුවී ඇති සහල්, සීනි, පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිරි සතියේ සිට ලංකා සතොස හරහා එම අඩු වූ මිල ගණන්වලට ලබා දීමට කටයුතු කරන බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
join now