බිරියානි ද වයිෆ් ද? තීරණයක් අබියස සිටින සැමියා
                                    
                    Marriage
                
                                                
                    Law and Order
                
                                                
                    Divorce
                
                                                
                    Biriyani
                
                        
        
            
                
                By Kaushi
            
            
                
                
            
        
    තම බිරිඳට රසවත් ලෙස බිරියානි සෑදීමට නොහැකි බව කියමින් දික්කසාදය ඉල්ලූ සැමියෙක් පිළිබඳ ඊයේ (3) දින වාර්තා විය.
මෙසේ නඩුවක් ගොනු කර ඇත්තේ යාපනය අධිකරණයේය. ඩෙන්මාර්ක් ජාතික සැමියෙකු වන ඔහු විවාහ වී ඇත්තේ මීට මාස හතරකට ඉහතදීයි.
ඒ යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ වයස අවුරුදු 27 ක කාන්තාවක් සමඟයි.
බිරියානි ආහාරයට ගැනීමට දැඩි රුචියක් දක්වන මෙම ඩෙන්මාර්ක් ජාතික සැමියා වයස අවුරුදු 41 ක පුද්ගලයෙක් වේ.
තම බිරිඳට රසවත් ලෙස බිරියානි සෑදීමට නොහැකි වීම නිසා දෙදෙනා අතර නිතර අඩදබර සිදු වන බවත් ඔහු විසින් මෙම පෙත්සමේ සඳහන් කර ඇත.
ඔහු පෙත්සමේ තවදුරටත් සඳහන් කර ඇත්තේ තමන් අඩදබර කර ගැනීමට දැඩි ලෙස අකැමති අයෙක් බවයි.
එබැවින් පුනර් නඩු විභාගයක් පවත්වා තමන්ට ඇයගෙන් නීත්‍යානුකූලව වෙන් වීමට අවසර ලබා දෙන ලෙස ඔහු විසින් ඉල්ලා සිටි බව සඳහන්.