පුරුෂයින් සදහා සොයාගත් අලුත්ම උපත් පාලන ක්‍රමය..

By Sewvandhi Feb 15, 2023 01:23 PM GMT
Report

 වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග නව වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේද ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පිරිමි පාර්ශ්වයට ලබා දෙන නව උපත් පාලන ඖෂධයක් සත්ත්වයින් යොදා ගනිමින් සාර්ථකව අත්හදා බැලීමට අමෙරිකා එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයට හැකිව තිබෙනවා.

පිරිමි පාර්ශ්වයට ලබා දෙන මෙම නව ඖෂධය කිසිදු හෝමෝන ක්‍රියාකාරීත්වයකට බලපෑම් එල්ල නොවන අතර එමගින් සිදුවන්නේ ශුකාණුවල පිහිනා යාමේ හැකියාව සීමා කිරීමයි.

මෙම ඖෂධය ලබාගත් මොහොතේ සිට පැය 3ක පමණ කාලයක් සක්‍රියව ඵලදායි ලෙස පවතින බවයි නව අධ්‍යයනයවලින් හඳුනා ගෙන ඇත්තේ.

ඉදිරියේදී තවදුරටත් අත්හදා බැලීම් කිහිපයකින් පසු ජනතාව වෙත මෙම නව ඖෂධය හඳුන්වාදීමට නියමිතයි. කෙසේවෙතත් මෙම නව ඖෂධ ක්‍රමය මගින් ලිංගාශ්‍රිත රෝග සඳහා කිසිදු ආරක්ෂාවක් සැපයෙන්නේ නැහැ.(උපුටාගැනීමක්)


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now