ශ්‍රී ලංකාව තුළ කුරුළු උණ රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ. - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.
                                    
                    Bird Flu
                
                                                
                    World Health Organization
                
                                                
                    Ministry of Health Sri Lanka
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ශ්‍රී ලංකාව කුරුළු උණ රෝගයට මුහුණ දීම සඳහා සූදානම්ව සිටින බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වැළැක්වීමේ පියවර දැනටමත් ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මේ සම්බන්ධයෙන් විශේෂ මහජන සෞඛ්‍ය නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද කිසිදු සංචාරක සීමාවක් පනවා නොමැති අතර තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව ද අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය කුරුළු උණ රෝගීන් හඳුනා ගැනීම සඳහා රෝහල් 20ක දෛනික පරීක්ෂණ පවත්වයි.
 
    
    ඔබත් ජංගම දුරකථනයෙන් මේ දේවල් ක්ලික් කරනවද? - SMS, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන දැඩි අනතුරු ඇඟවීමක්.
H9, H7 සහ H5 කුරුළු උණ රෝගීන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය PCR පරීක්ෂණවලින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විද්‍යා අංශය සන්නද්ධ කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
 
                                        
                                         
                 
                 
                                             
     
     
     
        
     
     
     
     
    