ආබාධයට ලක්වූ බිනර ප්‍රනාන්දුටත් ලෝක කුසලානය අහිමි වෙයි..! යළිත් මෙරටට කැදවයි

Cricket Sri Lanka Cricket
By Sewvandhi Oct 26, 2022 10:20 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා. ඒ, ඊයේ (25) ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවති තරගයේ දි ඇති වූ අබාධය හේතුවෙන්.

මේ අනුව බිනුර ප්‍රනාන්දුට ඉදිරි තරග ඇතුළු සම්පූර්ණ 20යි 20 ලෝක කුසලානය ම අහිමි වනු ඇති. දැනටමත් ලෝක කුසලාන සංචිතයට නම් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගණනාවක් ම ආබාධවලට ලක් වුණා.

ඒ අතර සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද වනවා. ඊට අමතර ව සුපිරි පිතිකරු ධනුෂ්ක ගුණතිලක, වේග පන්දු යවන්නන් වන ප්‍රමෝද් ලක්ෂාන් හා දිල්ෂාන් මධුසංක ද ආබාධවලට ලක් වුණා.

ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමඟ තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7ක පරාජයක් වැළඳ ගන්නට සිදු වුණා.

මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ තරග වටයේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ රැදී සිටින අතර ඒ අනුව ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඉතිරි තරග 3 ජයග්‍රහණයන් තීරණාත්මක වනවා.

ඒ නවසීලන්ත, ඇෆ්ගනිස්ථාන සහ එංගලන්ත යන තරග ත්‍රිත්වයයි. ශ්‍රී ලංකා සංචිතයට අතිරේකව කැදවු නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ වීcrickසා ගැටලුවක් හේතුවෙන් තවමත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟ නවසීලන්තය සමගින් ලබන සෙනසුරාදා සිඩ්නි ක්‍රීඩාංගනයේදී තරග වැදීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now