යතුරු පැදියේ ගැටී සුඛෝපභෝගී බස් රථය පෙරළී යාමෙන් සිදුවු අනතුර,,(PHOTO)

Kalutara Sri Lanka Sri Lanka Police Investigation Accident
By Sithumi Nov 10, 2022 12:53 PM GMT
Report

සුඛෝපභෝගී බස් රථයක් සහ කාන්තාවක් පදවාගෙන ගිය යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.

හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ දී සිදුවූ එම අනතුරෙන් කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත. තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 42ක ගෝනපොල කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

අනතුරත් සමග රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් තිබේ. අනතුර සිදුවෙන අවස්ථාවේ බස් රථයේ මගීන් සිට ඇතත් ඔවුන්ට අනතුරක් සිදුවී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery